පාසලේ මූලික තොරතුරු
| පාසල ආරම්භ වූ දිනය | 1959 අගෝස්තු 31 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961 ජූලි 05 |
| පාසල් වර්ගය | 2 වර්ගය |
| පාසල් අංකය | 22396 |
| සංගණන අංකය | 07053 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 4 |
| පාසල පිහිටි පළාත | දකුණු |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | දෙනියාය |
| කොට්ඨාසය | පස්ගොඩ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පස්ගොඩ |
| ග්‍රාම සේවක වසම | බෙංගමුව/නැගෙනහිර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2022 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 210 |
| 2022 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 31 |
| පාසලේ වර්ණය | කොළ, කහ, |
ආදි විදුහල්පතිවරු
|
|
1959-1990 |
|
එස්.එස්.වයි. සේයා ගුණවර්ධන |
|
|
|
1990 - 1998 |
![]() |
පියදාස |
|
|
2015-2019 |
![]() |
එස්.ජී. ගාමිණී |
|
|
2019 සිට 2023 |
![]() |
පී.ඒ.චන්ද්‍රලාල් |
| 2023 සිට | |
![]() |
ආර්.එන්.ගමෙග් |
ඉතිහාසය
වනාන්තරයේ ස්වභාව සෞන්දර්යයේ අනූන වැසි වනාන්තර බහුල සොඳුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම ආලෝකයක් මෙන්ම කීර්තියක් පැතිරීමට සමත්ව ඇත.
1959 අගෝස්තු 31 වන දින විලයාය ගම්මානයේ පුරාණ විහාරස්ථානයේ ගොඩනැගිල්ලක විලයාය පාසලේ මුල් ආරම්භය සිදුවිය.
මේ සදහා S.S.Y. ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම පාසල අරම්භ කරන ලදී. පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස M.L. අබේවික්‍රම පාසලට බඳවාගෙන ඇති අතර මුලදි සිසුන් දෙදෙනෙකුගෙන් ආරම්භ කල මෙම පාසල වසර 3කදී පමණ සිසුන් 300ක පමණ හිමිකාරීත්වයක් දරන්නට සමත්කම් දැක්වීය. පාසල ආරම්භයේදී ප්‍රාථමික අංශ අධ්‍යාපනය පමණක් පාසල හරහා සිදුවුනි. පසුව ක්‍රමයෙන් පාසලේ ද්විතීයික අංශ කටයුතුද ආරම්භ කරන ලදී. දිනෙන් දින සිසුන් වැඩි වීමත් සමඟ තවත් ගොඩනැගිල්ලක අවශ්‍යතාවය පැන නැඟිනි. මීට පිළියම් වශයෙන් වර්තමානයේ පාසල පවත්වාගෙන යන ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදිකරමින් පාසලේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගොස් ඇත. 1961 ජූලි මස 5 දප/මාර/පස්/ විලයාය කණිෂ්ඨ විද්‍යාලය රජයේ පාසලක් ලෙස ලියාපදිංචි කරන ලදී.
1961 ජූලි 05 වන දින පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, පසුකාලීනව නව ගොඩනැගිලි දෙකක්, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය.
වර්ෂ 1995 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්තකාලයක් ද පාසලට එකතු විය.
විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා/ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්, සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩසටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම්, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 37 දෙනෙකු වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විතය. 210 ක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සඳහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "නිපුණතා සපිරි පිරිපුන් දරුවෙකු ලොවට දායාද කිරීම" යන දැක්ම අනූව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලඟා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1959 අගෝස්තු 31 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
07 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
02 |
|
මුල් ගුරුතුමාගේ නම |
එස්.එස්.වයි. සේයා ගුණවර්ධන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
එස්.එස්.වයි. සේයා ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මාර/විලයාය කනිෂ්ඨ විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
එස්.එස්.වයි. සේයා ගුණවර්ධන මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1961 ජූලි 05 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පළමුව විලයාය විහාරස්ඨානයේ/පසුව වර්තමානයේ පාසල පවතින ස්ඨානයේ |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
එම්.එල්.අබේවික්‍රම |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |
නිර්මාතෘවරුන්
1959 අගෝස්තු 31 වන දින විලයාය ගම්මානයේ පුරාණ විහාරස්ථානයේ ගොඩනැගිල්ලක විලයාය පාසලේ මුල් ආරම්භය සිදුවිය. මේ සදහා S.S.Y. ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම පාසල ආරම්භ කරන ලදී. පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස M.L. අබේවික්‍රම සිසුවා පාසලට බඳවාගෙන ඇති අතර මුලදී සිසුන් දෙදෙනෙකුගෙන් ආරම්භ කල මෙම පාසල වසර 3 කදී පමණ සිසුන් 300ක පමණ හිමිකාරීත්වයක් දරන්නට සමත්කම් දැක්විය. පාසල ආරම්භයේදී ප්‍රාථමික අංශ අධ්‍යාපනය පමණක් පාසල හරහා සිදුවුනි.
Page 3 of 3




