(+94) 718107784
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Wilayaya K.V.

මාර/විලයාය කනිෂ්ඨ විද්‍යාලය

විලයාය, දම්පහල.

  • Register
  • Login
Wilayaya K.V.

මාර/විලයාය කනිෂ්ඨ විද්‍යාලය

විලයාය, දම්පහල.

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

වනාන්තරයේ ස්වභාව සෞන්දර්යයේ අනූන වැසි වනාන්තර බහුල සොඳුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම ආලෝකයක් මෙන්ම කීර්තියක් පැතිරීමට සමත්ව ඇත.
1959 අගෝස්තු 31 වන දින විලයාය ගම්මානයේ පුරාණ විහාරස්ථානයේ ගොඩනැගිල්ලක විලයාය පාසලේ මුල් ආරම්භය සිදුවිය.

මේ සදහා S.S.Y. ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම පාසල අරම්භ කරන ලදී. පාසලේ මුල්ම ශිෂ්‍යයා ලෙස M.L. අබේවික්‍රම පාසලට බඳවාගෙන ඇති අතර මුලදි සිසුන් දෙදෙනෙකුගෙන් ආරම්භ කල මෙම පාසල වසර 3කදී පමණ සිසුන් 300ක පමණ හිමිකාරීත්වයක් දරන්නට සමත්කම් දැක්වීය. පාසල ආරම්භයේදී ප්‍රාථමික අංශ අධ්‍යාපනය පමණක් පාසල හරහා සිදුවුනි. පසුව ක්‍රමයෙන් පාසලේ ද්විතීයික අංශ කටයුතුද ආරම්භ කරන ලදී. දිනෙන් දින සිසුන් වැඩි වීමත් සමඟ තවත් ගොඩනැගිල්ලක අවශ්‍යතාවය පැන නැඟිනි. මීට පිළියම් වශයෙන් වර්තමානයේ පාසල පවත්වාගෙන යන ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදිකරමින් පාසලේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගොස් ඇත. 1961 ජූලි මස 5 දප/මාර/පස්/ විලයාය කණිෂ්ඨ විද්‍යාලය රජයේ පාසලක් ලෙස ලියාපදිංචි කරන ලදී.


1961 ජූලි 05 වන දින පාසල රජයට පවරා ගැනීමත් සමග භෞතික අතින් පාසල තව තවත් සංවර්ධනය වූ අතර, පසුකාලීනව නව ගොඩනැගිලි දෙකක්, ගුරු නිවාසයක් සහ කාර්යාල ගොඩනැගිල්ලක්ද පාසලට එකතු විය.

වර්ෂ 1995 න් පසු විද්‍යාලයේ භෞතික සංවර්ධනය සදහා සුවිශේෂි දායකත්වයක් ලැබුණු යුගය වන අතර, ක්‍රීඩා පිටියක්, විද්‍යාගාරයක්, පුස්තකාලයක් ද පාසලට එකතු විය.

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා/ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්, සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩසටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම්, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 37 දෙනෙකු වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විතය. 210 ක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සඳහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "නිපුණතා සපිරි පිරිපුන් දරුවෙකු ලොවට දායාද කිරීම" යන දැක්ම අනූව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලඟා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1959 අගෝස්තු 31

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

07

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

02

මුල් ගුරුතුමාගේ නම

එස්.එස්.වයි. සේයා ගුණවර්ධන මහතා

පාසලේ ආදි කතෘගේ නම

එස්.එස්.වයි. සේයා ගුණවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මාර/විලයාය කනිෂ්ඨ විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

එස්.එස්.වයි. සේයා ගුණවර්ධන මහතා 

පාසල රජයට පවරාගත් දිනය

1961 ජූලි 05

පාසල පැවැත්වූ ස්ථානය

පළමුව විලයාය විහාරස්ඨානයේ/පසුව වර්තමානයේ පාසල පවතින ස්ඨානයේ

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

එම්.එල්.අබේවික්‍රම

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1940 දෙසැම්බර් 10 දින

 

Wilayaya K.V.

මාර/විලයාය කනිෂ්ඨ විද්‍යාලය

විලයාය, දම්පහල.

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/Vilayaya K.V, Vilayaya, Dampahala., Urubokka, Sri Lanka, 81600

: (+94)0718107784

: (+94)0718107784

: [email protected]

Supported By

© 2026 Wilayaya K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk