හිටපු විදුහල්පති පණිවිඩය
මාර/විලයාය කනිෂ්ඨ විද්‍යාලය විද්‍යාලය දෙනියාය අධ්‍යාපන කලාපයේ පස්ගොඩ දම්පහල රජයේ වතුයායට යාබදව සුන්දර පරිසරයක පිහිටා ඇති ග්‍රමීය පසලකි. මෙහි සිංහල, දෙමළ ජාතීන්ට අයත් දරුවන් 210කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබයි. වර්තමානය වන විට දෙනියාය කලාපයේ අ.පො.ස. සා/පෙළ ප්‍රතිඵල වලින් අඛණ්ඩව දෙවන වරටත් පළමු තැන ලබා ගනිමින් මෙවර ඉතිහසයේ පළමු වරට A9 ප්‍රතිඵලයක් ලබාගනිමින් අධ්‍යයන කටයුතුවල ඉහළ ප්‍රතිඵල අත්කර ගනිමින් සිටී. එසේම විෂය, විෂය සමගාමී කටයුතු වලින් පළාත්, ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබාගනිමින් විද්‍යාලයේ අභිමානය ගොඩනගා ඇත. එසේම පවතින අඩු පහසුකම් යටතේ වුවත් ඒවා උපරිම ලෙස යොදා ගනිමින් තාක්ෂණය සමග අධ්‍යාපනය ගොඩනගන්නට වෙර දරමින් සිටී. මෙම සියලු කර්යයන් වලදී ඊට දැඩිව කැපවන දක්ෂ ආචාර්ය මණ්ඩලයක් සිටීම විශාල ශක්තියක් වී ඇත. එසේම උනන්දුවෙන් කැපවන දරුවන් දෙමාපියන් පිරිසක් සිටීම අපට ශක්තියක් වී ඇත. විද්‍යාලයට තවත් ජයග්‍රහණ ගෙන එමින් විද්‍යාලයේ අභිමානය ගොඩනගන්නට ඒ සියලු දෙනාට ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවායි ප්‍රර්ථනා කරමි.
විදුහල්පති,
මාර/විලයාය ක.වි.
